බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ඉදිරියෙන්

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ඉදිරියෙන්

එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි පුරෝකථනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඊයේ (04) බ්‍රිතාන්‍යයේ පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතින අතර ඒ අනුව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

එම ප්‍රතිඵලවලට අනුව එම පක්ෂයේ Keir Starmer එක්සත් රාජධානියේ නව අගමැති බවට පත්වනු ඇති බවයි පැවසෙන්නේ

කම්කරු පක්ෂය ආසන 410 ක්, කොන්සර්වෙටිව් පක්ෂය ආසන 131ක්, මධ්‍යමවාදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට 61ක් මේවන විට නිකුත් කර ඇති මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ලබා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This