
විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන සතියේ
පාර්ලිමේන්තුව ජූලි 9 වෙනිදා සිට 12 වෙනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා.
මේ අනුව ජූලි 9 වෙනි අඟහරුවාදා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ශ්රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත දෙවනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව සඳහන්.