ලෙඩ වුණ රාජ්‍ය සේවය

ලෙඩ වුණ රාජ්‍ය සේවය

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) දිනවල අසනීප නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.

තැපැල්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය නිලධාරින් අද දිනයේ වැඩ වර්ජනයේ නිරත වන බව සඳහන්.

වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වනවා.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද දිනයේ සේවයට වාර්තා කළ ද හෙට ඔවුන් අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ.

අද දිනයේ දී ක්‍රියාත්මක මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය සේවය අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

Share This