නේපාලයට බලපෑ ආපදා නිසා 11 දෙනෙකු මරුට

නේපාලයට බලපෑ ආපදා නිසා 11 දෙනෙකු මරුට

නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගත වූ පැය 36ක කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

දින කිහිපයක සිට ඇඳහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ජල ගැලීම් සහ නාය යෑම් තත්ත්වයන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් 8 දෙනෙකු අතුරුදන් වී ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව එරට තවත් පුද්ගලයන් 20 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ආපදාවන තවදුරටත් ඉහළ යා හැකි බවටද බලධාරීන් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This