වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ගේ බලපත්‍ර අත්හිටුවීමේ සැලසුම දකුණු කොරියාවෙන් ඉවතට

වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ගේ බලපත්‍ර අත්හිටුවීමේ සැලසුම දකුණු කොරියාවෙන් ඉවතට

වැඩ වර්ජනයේ නිරත අභ්‍යාසලාභී වෛද්‍යවරුන්ගේ බලපත්‍ර අත්හිටුවීමේ සැලසුම ඉවත් කරන බව දකුණු කොරියාව පවසනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ සෑම වසරකම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 2,000 කින් ඉහළ නැංවීමේ සැලසුමට විරෝධය දැක්වීම සඳහා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි

වෛද්‍ය සීමාවාසිකයින් සහ නේවාසික වෛද්‍යවරුන් ඇතුළු දහස් සංඛ්‍යාත අභ්‍යාසලාභී වෛද්‍යවරු පෙබරවාරි මාසයේදී රැකියාවෙන් ඉවත් වූ අතර, ප්‍රධාන රෝහල්වලට හදිසි නොවන සේවා කපා හැරීමට ද කටයුතු කර තිබුණා

සෞඛ්‍ය අමාත්‍ය Cho Kyoo-hong කියා සිටියේ වෛද්‍ය සේවාවන්හි පවතින හිඟය අවසන් කිරීම “වඩා හදිසි” බැවින් දඬුවම් ක්‍රියාමාර්ග ගැනීම අත්හැරීමට තීරණය කළ බවයි

විරෝධතාවයේ නිරත තරුණ වෛද්‍යවරුන් පවසන්නේ වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට පෙර රජය ප්‍රථමයෙන් වැටුප් සහ සේවා කොන්දේසි පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.

කෙසේ වෙතත් 2026 සහ ඉන් පසු වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ කෝටාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නැවත පැමිණ සංවාදයකට එක්වන ලෙස අමාත්‍යවරයා අභ්‍යාසලාභී වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා

Share This