තේ අපනයනයෙන් මෙම වර්ෂයේ දී ඩොලර් බිලියන 1.5ක ආදායම් ඉලක්කයක්

තේ අපනයනයෙන් මෙම වර්ෂයේ දී ඩොලර් බිලියන 1.5ක ආදායම් ඉලක්කයක්

මෙරට තේ අපනයනයෙන් මෙම වර්ෂයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සඳහන් කරනවා.

පසුගිය වසර දෙක තුළදී ද අමෙරිකානු ඩොලර් බිලියන 1 සිට 1.2 දක්වා වූ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමට මෙරට තේ කර්මාන්තයට හැකි වී තිබෙන බව සඳහන්.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තළවකැලේ ශාන්ත කුම්බ්ස් තේ කර්මාන්ත ශාලාව හා ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ ප්‍රගතිය සම්බන්ධව සමාලෝචන රැස්වීමක් පවත්වමින් සඳහන් කර ඇත්තේ මෙරට තේ කර්මාන්තයේ සංවර්ධනය සඳහා දැනට වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණවත් වන අතර තවදුරටත් අලුත් ඉඩම් තේ වගාව සඳහා යොදා නොගන්නා බවයි.

ඒ වෙනුව‌ට දැනට තේ වගා කර ඇති ඉඩම්වලින් ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි තේ වගාවන්ට පොහොර යෙදීම, පුරප්පාඩු පැළ රෝපණය, අධි ඝනත්ව වගා ක්‍රමය හඳුන්වා දීම මෙන්ම අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් තේ ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීම සදහා ද තේ පර්යේෂණ ආයතනය විසින් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දී ඇති බව සඳහන්.

තළවකැළේ තේ පර්යේෂණ ආයතනය විසින් මේ වනවිට නව තේ ප්‍රභේද 70ක් හඳුන්වා දී ඇති අතර මෙම තේ ප්‍රභේද අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රභේද බව ද තේ පර්යේෂණායතනය පෙන්වා දෙනවා.

Share This