චීනය සමග පවතින සම්බන්ධතා ප්‍රශස්ත ලෙස ඉදිරියට රැගෙන යන බව ඉරානය කියයි

චීනය සමග පවතින සම්බන්ධතා ප්‍රශස්ත ලෙස ඉදිරියට රැගෙන යන බව ඉරානය කියයි

වත්මන් රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ ප්‍රයෝජනයට ගනිමින්, තම රටට පනවා ඇති සම්බාධක ඉවත් කරවීමට පියවර ගන්නා බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශ ප්‍රකාශක Nasser Kanaani මහතා ඊයේ (8) පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ඉරානයේ දැනට යහපත් දේශපාලන පරිසරයක් පවතින අතර නව රජය වත්මන් රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ ඇසුරෙන්, රට මුහුණ පා සිටින සම්බාධක ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනු ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම චීනය ඇතුළු මිත්‍ර රටවල් සමග පවතින සම්බන්ධතා ඉරානය අඛණ්ඩව තහවුරු කරනු ඇතැයි ද Nasser Kanaani මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

“ඉරානයේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලිය. රටේ අභිමානය රැක ගනිමින් ලොව සෙසු රටවල් සමග සම්බන්ධතා පවත්වා ගැනීම සහ අසල්වැසි රටවල් අතර සබඳතා තර කරමින් බහුපාර්ශ්විකත්වයට සහාය දීම එහි ප්‍රධාන අංග වේ. දැනට ඉරානය බ්‍රික්ස් සංවිධානය හා ෂැංහයි සහයෝගිතා සංවිධානය යන බහුපාර්ශ්වික යාන්ත්‍රණයන්ට එක්ව සිටිනවා. ලොව වැදගත්ම හා ප්‍රබලම බලපෑමක් සහිත රටවලින් එකක් වන චීනය සමග පවතින සම්බන්ධතා ඉරානය ප්‍රශස්ත අයුරින් ඉදිරියට රැගෙන යනු ඇත. එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම ඉරානයේ අපේක්ෂාව වනවා” ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් එලෙස අදහස් දක්වා තිබෙනවා.

Share This