පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ මින්ඩනාඕ හි රික්ටර් මාපාංක 6.7 ක අගයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව එම ප්‍රදේශයට කිලෝමීටර් 630 ක් ගැඹුරින් මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි භූ විද්‍යාව පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය පැවසුවේ

භූමිකම්පාවෙන් හානියක් සිදුව නොමැති අතර පසු කම්පන අපේක්ෂා කරන බව සඳහන්

පිලිපීනය පිහිටා ඇත්තේ පැසිෆික් සාගරයේ ගිනිකඳු ක්‍රියාකාරකම් සහ භූමිකම්පා බහුලව සිදුවන ප්‍රදේශයක වීම හේතුවෙන් නිරන්තරයෙන් මෙවැනි භූමිකම්පා වාර්තා වනවා

Share This