ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් (VIDEO)

ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් (VIDEO)

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් ඔහු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පෙන්සිල්වේනියාහි ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

වෙඩි ප්‍රහාර එල්ල වනවාත් සමගම ට්‍රම්ප් බිම දිගාවී ඇති අතර ඔහුගේ දකුණු කනට ප්‍රහාරයෙන් තුවාල සිදුව ඇති බව සඳහන්.

වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප්ට අමතරව වෙඩි ප්‍රහාරයෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් බරපතළ තත්ත්වයේ පසුවන බව සඳහන්.

Share This