වාහන ගන්න ඉන්න අයට අලුත් ආරංචියක්

වාහන ගන්න ඉන්න අයට අලුත් ආරංචියක්

වාහන ආනයනයේදී බලපා ඇති සියලුම අංශවලට අදාළ කරුණු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

ජූලි මස මුල් සතියේ දී අදාළ කමිටුව රැස්වී ඇති අතර අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ.

අනතුරුව වාහන ආනයනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් යම් ආරම්භයක් ලබාදීමට සූදානමක් පවතින බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව ප්‍රකාශ කළා.

Share This