කේරළයේ හදිසි තත්ත්වයක්

කේරළයේ හදිසි තත්ත්වයක්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ නිපා වෛරසය අසාධනය වූ රෝගීන් 60ක් හඳුනාගැනීම සහ එම වෛරසය ආසාධනයෙන් පළමු වරට කේරළයේ 14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුවයි.

එරට සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ මෙම වෛරසය අසාධානයෙන් වැළකීමට මුව ආවරණ පළඳින ලෙස සහ රෝගීන් බැලීම සඳහා රෝහල් වෙත යාමෙන් වළකින ලෙසයි.

Share This