ඇති වූ අර්බුදයට විපක්ෂය සම්පූර්ණයෙන් වගකිව යුතුයි – බංග්ලාදේශ අගමැතිනී ශෙයික් හසීනා-

ඇති වූ අර්බුදයට විපක්ෂය සම්පූර්ණයෙන් වගකිව යුතුයි – බංග්ලාදේශ අගමැතිනී ශෙයික් හසීනා-

රජයේ රැකියා කෝටාවන්ට එරෙහිව බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් සති කිහිපයක් පුරා මෙහෙයවන ලද විරෝධතාවන් සම්බන්ධයෙන් එරට විපක්ෂ දේශපාලන නායකයින්ට දැඩිව චෝදනා කරන බව බංග්ලාදේශ අගමැතිනී ශෙයික් හසීනා පවසනවා.

විශ්වවිද්‍යාල සිසුන් හරහා විරෝධතා මෙහෙයවමින් රට අරාජික කරන්නට උත්සාහ කළ විපක්ෂ ක්‍රියාකාරීන් ඇති වූ අර්බුදයට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි ඇය අවධාරණය කර ඇත්තේ.

එමෙන්ම රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩත්වය පාලනයට පනවා ඇති ඇඳිරි නීතියද ඉදිරියේදී ක්‍රමයෙන් ඉවත් කරන බව ඇය දැනුම් දී තිබෙනවා.

Share This