ගිනිගත් ප්‍රංශයේ අධිවේගී දුම්රිය මාර්ග

ගිනිගත් ප්‍රංශයේ අධිවේගී දුම්රිය මාර්ග

ප්‍රංශයේ බටහිර උතුරු සහ නැගෙනහිර දෙසින් දිවෙන අධිවේගී දුම්රිය මාර්ගවල ස්ථාන කිහිපයක ගිනි තැබීම් සිදුවීම් වාර්තා වනවා.

ඔලිම්පික් උලෙළේ සමාරම්භය සනිටුහන් කිරීමට පැය කිහිපයක් පමණක් තිබියදී මෙම ක්‍රියාවන් සිදුවී ඇති බව සඳහන්.

එරට රාජ්‍ය දුම්රිය සමාගම පවසන්නේ මෙය ප්‍රංශ අධිවේගී දුම්රිය පද්ධතිය අඩාල කිරීමේ අරමුණින් සිදුකළ ක්‍රියාවක් බවයි.

මේ හේතුවෙන් දුම්රිය වාර කිහිපයක් නවතා දැමීමට සිදුවී තිබෙන අතර දුම්රිය මඟීන් ලක්ෂ 8ට පමණ ප්‍රමාණයකට ඉන් පීඩා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This