ඔලිම්පික් සමාරම්භයේ සිදු වූ පටලැවිල්ල

ඔලිම්පික් සමාරම්භයේ සිදු වූ පටලැවිල්ල

පැරිසියේ පැවති සමාරම්භක උත්සවයේදී දකුණු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උතුරු කොරියාව ලෙස වරදවා හඳුන්වාදීම සම්බන්ධයෙන් ඔලිම්පික් සංවිධායකයින් සමාව අයැද නිකුත් කර තිබෙනවා.

උද්යෝගිමත්, කොඩි ගසාගත් කණ්ඩායම සේන් නදිය දිගේ පාවී යද්දී, ප්‍රංශ සහ ඉංග්‍රීසි නිවේදකයන් ඔවුන්ව “කොරියා ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජය” ලෙස හඳුන්වා දී ඇති අතර එය උතුරු කොරියාවේ නිල නාමය ලෙස සඳහන්.

කෙසේවෙතත් උතුරු කොරියාවේ දූත පිරිස පසුකර යාත්‍රා කරන විට එම නමම නිවැරදිව භාවිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.

Share This