
ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීම පිළිබඳ දැනුම්දීමක්
හපුගල ජල ටැංකියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා
ඒ අනුව හෙට (29) පෙරවරු 8 සිට අනිද්දා (30) අලුයම 2 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව සඳහන්
බොපේ, පෝදදල, හපුගම, රත්ගම, බූස්ස ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති