
ජනපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන් වනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12ට පෙර තැපැල් ඡන්ද අයදුම්පත්‍ර නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
කෙසේවෙතත් අද දිනයේ තැපෑලට යොමුකරන අයදුම්පත් වලංගු නොවන බව සඳහන්.
ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් දින 46ක් පමණයි.
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය ලබන 14 වනදා මධ්‍යහ්න 12න් පසු අවසන් වන අතර මේ වන විට අපේක්ෂකයින් 14 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා.