මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අද ඇරඹේ (VIDEO)

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අද ඇරඹේ (VIDEO)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය අද (10) ආරම්භ වනවා

පළමු කුඹල් පෙරහර අද (10) රාත්‍රී 06.06ට යෙදෙන සුබ මොහොතින් විදි සංචාරය කිරීමට නියමිතයි

ඒ අනුව ශ්‍රී දළදා වීදිය හා ඩී.එස් සේනානායක වීදියෙන් පන්සල පාරට පිවිස දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදියේ ගමන්කර රජ වීදිය ඔස්සේ ඉහළටවිත් පළමු කුඹල් පෙරහර ගෙවදීමට නියමිතයි

එමෙන්ම අවසන් කුඹල් පෙරහර ලබන 14 වනදා දක්වා විථි සංචාරය කිරීමට නියමිතව ඇත්තේ

පළමුවැනි රන්දෝලි පෙරහර ලබන 15 වනදා ආරම්භ වන අතර ලබන 20 වනදා පැවැත්වෙන දහවල් පෙරහරින් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වනවා

Share This