
හරීන්ට සහ මනූෂට අලුත් තනතුරු
හරීන් ප්‍රනාන්දු මහතාට සහ මනූෂ නානායක්කාර මහතාට ජනාධිපති උපදේශක තනතුරු ලබාදී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ලිපි පසුගිය 16 වනදා දිනට අදාළව යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදී ඇති අතර කම්කරු හා විදේශ රැකියා ජනාධිපති උපදේශක තනතුර මනූෂ නානායක්කාර මහතාට ලබාදී තිබෙනවා.
පසුගියදා අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ අමාත්‍ය ධුර අහිමි වුණා.
පුරප්පාඩු වූ එම අමාත්‍ය ධුර පවතින්නේ ජනාධිපතිවරයා යටතේයි.