
තවත් ගැසට්ටුවක් එළියට?
ජනාධිපතිවරණයේදී ජන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් වන ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
එය අද (19) බොහෝ දුරට ප්‍රකාශයට පත්කෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
පසුගිය සෙනසුරාදා (17) ඊට අදාළව පැවති සාකච්ඡාවේ දී ශත පනහේ සිට රුපියල් 1,000 දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බව සඳහන්.
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කළ යුතු වනවා.