තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් තැපැල් සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ.

ජනාධිපතිවරණයට අදාළ කටයුතු මූලික කර ගනිමින් ඔවුන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

කිසියම් අයෙකුට අත්‍යාවශ්‍ය හේතුවක් මත නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් පළාත් භාර නියෝජ්‍ය තැපැල්පතිගේ අවසරය ලබා ගැනීමට සිදුවන බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළා.

Share This