මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි

අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.

පසුගිය 16 වනදා ශ්‍රීපුර ගැමුණුපුර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T56 වර්ගයේ ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අවශ්‍යව සිටින සැකකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව කන්දේ ලේකම්ලාගේ ගයාන් සුගතදාස නමැති එම සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

අදාළ සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් ශ්‍රී පුර පොලිසිය ස්ථානාධිපතිගේ 071 – 85 91 181 හෝ 025 – 225 50 62 යන දුරකථන අංක වෙත දැනුම්දිය හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

Share This