
අයිස්ලන්තයේ අයිස් ගුහාව කඩා වැටීමෙන් අයෙක් මරුට – දෙදෙනෙක් අතුරුදහන්
අයිස්ලන්තයේ අයිස් ගුහාව කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් දෙදෙනෙක් අතුරුදහන් වී තිබෙනවා
එරට පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “ජාතීන් කිහිපයක” පුද්ගලයින් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාර්ගෝපදේශකයෙකු සමඟ Breidamerkurjokull ග්ලැසියරයේ සංවිධානාත්මක සංචාරයක නිරත වෙමින් සිටියදී ගුහාව කඩා වැටී ඇති බවයි
එමෙන්ම, පුද්ගලයන් සිව් දෙනෙකු අයිස් යට සිරවී සිටි අතර ඉන් දෙදෙනෙකු සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ