ජනාධිපතිවරයා රනිල් පත් කර නොගහොත් ලොව විනාශ වූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක් වනවා

ජනාධිපතිවරයා රනිල් පත් කර නොගහොත් ලොව විනාශ වූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක් වනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 05 සඳහා ද මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර නොගහොත් ලොව විනාශ වූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පවසනවා

එබැවින් තම පෞද්ගලික මති මතාන්තර පසෙකලා මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත අද (26) පස්වරුවේ පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ

උහන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් ප්‍රියන්ත, හිටපු උප සභාපති ජගත් දේශප්‍රිය, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුගත් ජා තුංගආරච්චි, මහඔය ප්‍රාදේශීය සභවේ හිටපු සභාපති ඉන්දික නිලන්ත යන මහත්වරුන් ඇතුළු පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් රැසක් ද එහිදී ජනාධිපතිවරයාට සහය පළ කිරීමට පැමිණ සිටියා

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙය පක්ෂය අතහැර යාමක් නොවන අතර මෙම අවස්ථාවේ සියලුදෙනා රට සහ ජනතාව වෙනුවෙන් ගතයුතු තීරණයක් බවයි.

Share This