තැපැල් ඡන්ද සලකුණු කිරීම පිළිබඳ දැනුම්දීමක්

තැපැල් ඡන්ද සලකුණු කිරීම පිළිබඳ දැනුම්දීමක්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන 04, 05 සහ 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මැතිවරණ කාර්යාලවල සහ පොලිසිවල නිලධාරීන්ට අනිද්දා (04) තැපැල් ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව උදාවන බවයි

එමෙන්ම සෙසු රාජ්‍ය ආයතන පාසල් සහ අනෙකුත් ආරක්ෂක ආයතනවල නිලධාරීන්ට ලබන 05 සහ 06 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතිනවා

ඡන්දය පාවිච්චි කිරීමට අතපසු වන අයට ලබන 11 සහ 12 තමන්ගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් ඡන්දය පාවිච්චි කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This