”රනිල්ව කියවන්න” දිවයිනම ආවරණය කරන ප්‍රචාරක වැඩසටහන හෙට ඇරඹේ

”රනිල්ව කියවන්න” දිවයිනම ආවරණය කරන ප්‍රචාරක වැඩසටහන හෙට ඇරඹේ

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන ”රනිල්ව කියවන්න” නම් වූ දීප ව්‍යාප්ත ප්‍රචාරක වැඩසටහන හෙට (07) ආරම්භ වනවා

ඒ අනුව, පළාත් 9ක්, ආසන 160ක්, පළාත් ආයතන 341ක්, කොට්ඨාස 4984ක්, වසම් 14026ක් සහ ගම් වීදි 53896ක් ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

රනිල් වික්‍රමසිංහ නම් චරිතය දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් කියවා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීම මෙම වැඩසටහනේ අරමුණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හරය ඇතුළත් පත්‍රිකා බෙදා හැරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ යටතේ සංවිධානය කර තිබෙනවා

Share This