නයිජීරියාවේ ඉන්ධන බවුසර අනතුරකින් 48 දෙනෙකු මරුට

නයිජීරියාවේ ඉන්ධන බවුසර අනතුරකින් 48 දෙනෙකු මරුට

නයිජීරියාවේ ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබෙනවා.

මගී ප්‍රවාහන ලොරියක අදාළ ඉන්ධන ප්‍රවාහන බවුසරය ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරත් සමග රථ දෙකම ගිනි ගැනීමට ලක්ව ඇති අතර ගින්න නිවීම සඳහා බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් තවත් වාහන කිහිපයකට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Share This