කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය ජනපති අනුර

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය ජනපති අනුර

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ එක්වුණා

එහිදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා

මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විත වන අතර දෙස් විදෙස් පොත් ඇතුලත් කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසදරක නිරත වුණා

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොත් ප්‍රදර්ශනය ලබන 06 වැනිදා දක්වා පැවැත්වෙනවා

Share This