පාසල⁣ට දරුවන් ඇතුළු කිරීමට ක්‍රම වේදයක් සකස් කරන්න – මහා සංඝරත්නයෙන් අගමැතිනියට උපදෙස්

පාසල⁣ට දරුවන් ඇතුළු කිරීමට ක්‍රම වේදයක් සකස් කරන්න – මහා සංඝරත්නයෙන් අගමැතිනියට උපදෙස්

හොඳම පාසල යනුවෙන් පාසල් නොමැති බවත් සියලු පාසල් හොඳම පාසල් විය යුතු බවත් මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමියන් පවසනවා

නා හිමියන් මේ බව පෙන්වා දුන්නේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය අද ⁣(28) පස්වරුවේ මල්වතු මහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදීයි

එමෙන්ම පාසල් වලට දරුවන් ඇතුලත් කිරීමේ නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බවද උන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්නා.

රාජ්‍ය නිලධාරීන් පීඩනයකින් සිටි බවත් වත්මන් රජය යටතේ රාජ්‍ය සේවකයින් ස්වාධිනව සහ පිඩනයකින් තොරව කටයුතු කරන බවත් ආග්‍රාමාත්‍යවරිය මෙහිදී මහා නාහිමියන් දැනුවත් කරමින් පැවසුවා

Share This