අංගොඩ ජිලේගේ ප්‍රධාන ගෝලයෙක් STF අත්අඩංගුවට

අංගොඩ ජිලේගේ ප්‍රධාන ගෝලයෙක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු වන පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොන්නම්පෙරුමගේ ධනුෂ් බුද්ධික නොහොත් “අංගොඩ ජිලේ” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි සහ මිලි ග්‍රෑම් 500ක් හා කේරළ ගංජා ග්‍රෑම් 51ක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපායාගත් බවට සැකකෙරෙන රුපියල් 274,400ක මුදලක්ද සැකකරු සත්ව තිබී විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.

සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා තලංගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

Share This