නව රජයේ සහනාධාර මැතිවරණ කොමිසම අත්හිටුවයි

නව රජයේ සහනාධාර මැතිවරණ කොමිසම අත්හිටුවයි

ජනාධිපතිවරයා විසින් ලබාදුන් පොහොර සහ ධීවර සහනාධාර මැතිවරණ කොමිෂන් සභාව විසින් අත්හිටුවා තිබෙනවා.

මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000ක දීමනාවක් සහ ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමටයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පියවර ගත්තේ.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙවැනි සහනාධාරයක් ලබාදීමට තීරණය කිරීමෙන් සෙසු අපේක්ෂකයින් අගතියට පත් වීම සැලකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්තියේ තීන්දු මහ මැතිවරණයෙන් අනතුරුව ක්‍රියාත්මක කරන ලෙස ද රජයට එම කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.

Share This