ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂාව සති දෙකකට නවත්වන්න -ජනපතිගෙන් උපදෙස්-

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂාව සති දෙකකට නවත්වන්න -ජනපතිගෙන් උපදෙස්-

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සඳහන්.

පසුගිය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් නොව ප්‍රශ්න 08ක් විභාගය පැවැත්වීමට පෙර පිටවී ඇති බවත්, එබැවින් එහි පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය නැවත පවත්වන ලෙසද දෙමව්පියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

Share This