ජපාන ගුවන් තොටුපොළක බෝම්බයක් පුපුරයි

ජපාන ගුවන් තොටුපොළක බෝම්බයක් පුපුරයි

නිරිතදිග ජපානයේ Miyazaki ගුවන් තොටුපළේ වළ දමා තිබූ බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එය අමෙරිකා එක්සත් ජනපද බෝම්බයක් බවයි

මෙම බෝම්බය, දෙවන ලෝක යුද්ධ සමයේදී මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා “kamikaze” ගුවන් යානා වැලැක්වීම සඳහා හෙළන්නට ඇතැයි සැලකෙනවා.

මේ හේතුවෙන් ගුවන් තොටුපළ මාර්ගයක ආවාටයක් ඇති වී ඇති අතර ගුවන් ගමන් 80 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බව සඳහන්.

මෙම කුඩා පිපිරීමෙන් මීටර් හතක් (අඩි 23) පමණ පළල සිදුරක් ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර එම අවස්ථාවේ ගුවන් යානයක් ද ඒ අසල තිබී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This