සමාජ මාධ්‍ය තුළ සංසරණය වන දරුවන්ගේ තොරතුරු ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන දරුවන්ගේ තොරතුරු ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය යොදාගනිමින් ළමයින් පිළිබඳව ඔවුන්ගේ පෞද්ගලිකත්වය හෙලිවන ආකාරයට ඡායාරූප සහ වීඩියෝ, ප්‍රකාශනයන් ආදිය මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වන බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කර තිබෙනවා.

මෙවැනි සමාජ මාධ්‍ය තුළ ළමයින්ට අදාළ සංවේදී කරුණු හෙළිදරව් කිරීම තුළින් එය දරුවන්ගේ පුද්ගලිකත්වය සහ අනන්‍යතාවය, ආරක්ෂාවට මෙන්ම ළමයාගේ පවුල පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම තුලින්ද, ඔහුගේ මානසිකත්වයට සහ පෞරුෂත්ව වර්ධනයට දැඩි බලපෑමක් වන බව සඳහන්.

මෙහිදී ළමයින්ගේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම තුළින් එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන සංස්කරණය කර අවභාවිතයට ගැනීමත්, ඒ මඟින් එම ළමයින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා අපයෝජනයන්ට ලක්වීමේ ප්‍රවණතාවයක් ඇති වන බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති පැමිණිලි මඟින් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

එබැවින් සෑම පුද්ගලයෙක්ම සිය පුරවැසි වගකීමේදී, දෙමව්පියන්, භාරකරුවන්, ගුරුවරුන් ඇතුළු පාසල් ප්‍රජාව සහ සියලුම පුරවැසියන් වගකීමෙන් සහ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට සියලු කටයුතු කරමින් ළමයාට උපරිම යහපත සැලසීමට කටයුතු කරන ලෙසයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Share This