ඉන්දිය විදේශ ඇමතිගේ කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරයි

ඉන්දිය විදේශ ඇමතිගේ කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරයි

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතාගේ ‘‘The India Way: Strategies for an Uncertain world’’ කෘතිය “ඉන්දීය මාවත : අවිනිශ්චිත ලෝකයක උපාය මාර්ග” මැයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කර තිබෙනවා.

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් එහි පළමු පිටපත මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාට පිළිගන්වා තිබෙනවා.

පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාර්ඩ් ගුණතිලක හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙන බව සඳහන්.

2008 වසරේ ලෝක ආර්ථීක අර්බුදයේ සිට 2020 කොවිඩ් -19 වසංගතය දක්වා කාලය තුළ ලෝකයේ අනුපිළිවෙල පරිවර්තනයකට පත් වූ අතර එහි අභියෝග හා ඉන්දියාව යෝජනා කරන ප්‍රතිපත්තිමය ප්‍රතිචාර සහිත විශ්ලේෂණයක් මෙම කෘතියෙන් අනාවරණය කරන බවයි වාර්තා වන්නේ.

Share This