ඊශ්‍රායල ප්‍රහාර ගැන ජෝ බයිඩ්න්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්

ඊශ්‍රායල ප්‍රහාර ගැන ජෝ බයිඩ්න්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලබන මාසයේ පැවැත්වෙන අමෙරිකානු මැතිවරණයට බලපෑම් කිරීම සඳහා ගාසා සටන් විරාම ගිවිසුමකට එකඟ වීම ප්‍රමාද කරන්නේ දැයි තමාට හැඟෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය හමුවකදී අමෙරිකානු ජනපතිවරයා මේ බව සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නොවැම්බරයයේ පැවැත්වීමට නියමිත ජනපති සටනට හානි කිරීම සඳහා සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගනුදෙනුවක් සඳහා සාකච්ඡා කිරීමට එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ඉල්ලීම් නෙතන්යාහු නොසලකා හරිමින් සිටින බවට ඇතැම් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් කනස්සල්ල පළ කර ඇති බව සඳහන්.

Share This