ජනපති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී

ජනපති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා

එමෙන්ම අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහාවිහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත වුණා.

අනතුරුව ජනාධිපතිවරයා උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වු අතර ජය ශ්‍රී මහා බෝ මළුවේ ප්‍රධාන ධර්ම ශාලාවේදී අටමස්ථානාධිපති හිමියන්, ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කර තිබෙනවා

මෙහිදී කෙටි අනුශාසනාවක් සිදු කළ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ රට, ජාතිය, ආගම සිය දිවි දෙවැනි කොට ආරක්ෂා කර මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ වගකීම ජනාධිපතිවරයාගේ දෙවුර මත පැටවී තිබෙන බවයි.

එසේම රජ රටින් බිහි වූ රාජ්‍ය නායකයා ලෙස එම පළාතේ දුක් විඳින ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ අත්හළ නොහැකි වගකීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී තිබෙන බව උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා

Share This