දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීම අද (07) පෙරවරු 9.30 සිට හෙට පස්වරු 9.30 දක්වා ක්‍රියාත්මක වන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ඇම්බර් පැහැයෙන් යුතු “අවදානයෙන් සිටින ලෙසට” අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙතද නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

Share This