වරාය අධිකාරියේ අලුත් පත්වීමක් මැතිවරණ කොමිසම අත්හිටුවයි

වරාය අධිකාරියේ අලුත් පත්වීමක් මැතිවරණ කොමිසම අත්හිටුවයි

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිසමේ පූර්ව අනුමැතියකින් තොරව සිදු කර ඇති මෙම ස්ථානමාරුව වහාම අත්හිටුවා ඒ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක වාර්තාවක් දින 03ක් ඇතුළත ලබාදෙන ලෙසයි එම කොමිසම දැනුම්දී ඇත්තේ.

වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුර සඳහා නව කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති බවත්, එම තනතුරේ දැනට කටයුතු කරන අධ්‍යක්ෂ ප්‍රභාත් ජේ මලවිගේ වහාම තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ලැබී තිබූ බව සඳහන්.

Share This