ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200ක්

ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර තවත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සැපයීමට අදාළ ගිවිසුමට අද (07) අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහායක වැඩසටහන යටතේ එම ගිවිසුමට අත්සන් තබා ඇති බව සඳහන්.

2023 ජූනි සහ දෙසැම්බර් මාසවලදී අමෙරිකානු ඩොලර් මිලියන 500ක් ලංකාවට ලබාදීමට ලෝක බැංකුව කටයුතු කළා.

මෙම අදියර ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම, වර්ධනය සහ තරඟකාරිත්වය ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිසංස්කරණවලට සහාය වීම අරමුණු කර ගනිමින් ලබා දී තිබෙනවා.

Share This