කැලණි ගඟ අවට ප්‍රදේශවලට ගංවතුර ගැන අනතුරු ඇඟවීමක්

කැලණි ගඟ අවට ප්‍රදේශවලට ගංවතුර ගැන අනතුරු ඇඟවීමක්

කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා

ඒ අනුව ඉදිරි පැය 48 ක කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

 

Share This