විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට

විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි

ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම වෙත යවා ඇති බැවින්, ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන ලෙසත් එම රුපියල් 3000ක දීමනාව ලබන මස සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා

Share This