ග්‍රෑන්ඩිපාස් වෙඩිතැබීමට වෙඩික්කරු පැමිණි මෝටර් රථය සොයා ගැනේ

ග්‍රෑන්ඩිපාස් වෙඩිතැබීමට වෙඩික්කරු පැමිණි මෝටර් රථය සොයා ගැනේ

ග්‍රෑන්ඩ්පාස්, මාදංපිටිය කනත්ත අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරු පැමිණි බව කියන මෝටර් රථය සොයා ගෙන තිබෙනවා.

හංවැල්ල ප්‍රදේශයේ පිහිටි පන්සලක් අසල තිබියදී එම මෝටර් රථය සොයාගත් බවයි වාර්තා වන්නේ

අදාළ මෝටර් රථයේ තිබී කඩුවක්ද සොයා ගෙන තිබෙනවා

ඊයේ (16) පස්වරුවේ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී මිහිජය සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 35 හැවිරිදි අයෙකුයි මෙලෙස වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුණේ.

Share This