මහ මැතිවරණයේ ජනපති සහභාගී වන පළමු රැලිය අද

මහ මැතිවරණයේ ජනපති සහභාගී වන පළමු රැලිය අද

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන දිස්ත්‍රික් රැලි මාලාවේ පළමුවැන්න අද (19) පස්වරු 4.00 ට තංගල්ලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට (20) දිනයේ දී කටුනායක නගරයේ සවස 3.00 ටත්, හෝමාගම නගරයේ පස්වරු 4.30 ටත් ජන රැලි පැවැත්වීමට නියමිත බව සඳහන්.

සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ජනාධිපතිවරයා සහභාගී වන එම ජන රැලි ලබන මස 11 වනදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

Share This