ඇල්පිටිය පුංචි ඡන්දය අද

ඇල්පිටිය පුංචි ඡන්දය අද

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙරවරු 7.00 ට ආරම්භ වුණා.

ඒ අනුව පස්වරු 04.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 48ක් තුළ ඡන්ද දායකයින් 55643ක් ඡන්දය භාවිතා කරන බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඡන්ද කොට්ඨාස 17ක් තුළ ක්‍රියාත්මක වන බව සඳහන්.

ඡන්ද මධ්‍යස්ථාන තුළදීම ගණන් කිරීම සිදු කරන අතර මැතිවරණ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් 600ක් සහ පොලිස් නිලධාරින් 500ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පැෆ්රල් නිරීක්ෂකයින් 48 දෙනෙක් මැතිවරණය සඳහා සූදානම් කර ඇති බව සඳහන්.

ඡන්ද විමසීම අවසන් වූ වහාම පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 ට ප්‍රථම ලබාදීමට කටයුතු කරන බව සඳහන් වනවා.

 

Share This