ලොහාන් බන්ධනාගාර රෝහලට
නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපබෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.