පරිසර දූෂණය ඉහළ යාමෙන් ලාහෝරයේ පාසල් වැසෙයි
පාකිස්ථානයේ ලාහෝර් නගරයේ පෙර නොවූ විරූ වායු දූෂණයක් හේතුවෙන් සියලුම ප්‍රාථමික පාසල් සතියකට වසා දැමීමට බලධාරීන්ට සිදුව තිබෙනවා
ඒ අනුව අද සිට කාර්යාල සේවකයින්ගෙන් 50% ක් නිවසේ සිට වැඩ කරනු ලබනවා
එමෙන්ම එන්ජිමෙන් ක්‍රියාත්මක වන රික්ෂෝ රථ සහ බාබකියු වෙළදාම් තහනම් කිරීම ද සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනේ
පාකිස්ථානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් ඉරිදා දිනයේ දෙවන වරටත් දූෂිත වාතය සහිත නගර ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇති බවයි එම වාර්තා පේනවා දෙන්නේ
සෞඛ්‍යයට වඩාත්ම හානිකර වන වාතයේ ඇති සියුම් අංශු ද්‍රව්‍ය මට්ටම ද අනතුරුදායක මට්ටම් දක්වා ඉහළ ගොස් තිබෙනවා
ඒ අනුව නිවස තුළම රැඳී සිටින ලෙසත් අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ
එමෙන්ම දුම් මට්ටම පාලනය කිරීමට පොම්ප සහිත වාහන මගින් ජලය ඉසින අතර ඇතැම් ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ