අමෙරිකානු ජනාධිපතිවරණය අද
ලොව පුරා වැඩි අවධානයක් යොමුව තිබෙන සිව් වසරකට වරක් පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය අද (05) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් හා ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් අතර පැවැත්වෙන මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයට ඡන්දය භාවිතා කිරීම සඳහා මිලියන 240කට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා ඇති බව සඳහන්.