නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර සහ හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර සහ තුම්පනේ යන ප්‍රදේශවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව, රඹුක්කන, බුලත්කොහුපිටිය, වරකාපොළ, අරනායක, යටියන්තොට, රුවන්වැල්ල සහ කෑගල්ල යන ප්‍රදේශ වෙත ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට සහ රත්නපුර ප්‍රදේශ සඳහා ද නාය යාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

Share This