ශ්‍රී ලංකා සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ විශේෂ වැඩසටහනක්
නූතන පරම්පරාවට ඩිජිටල් කතෝලික ආමන්ත්‍රණයක් යන තේමාව යටතේ, ශ්‍රී ලංකා සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය මගින් සංවිධානය කළ අධ්‍යාත්මික ගීතමය භාවනා වැඩසටහනක් මරදාන පාතිමා අප ස්වාමිදූගේ දේවස්ථානයේදී පවත්වා තිබෙනවා.
තරුණ දේශනාවාදී පියතුමෙකු වන ගරු ඉසුරු ලක්ප්‍රිය පියතුමන් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවා.
මේ සදහා ශ්‍රී ලංකා සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ උපාධ්‍ය ගරු. රුවන් පෙරේරා පියතුමන්ද, දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල නියෝජනය කරමින් කතෝලික සරසවි සිසුන් ද සහභාගි වී තිබුණා.
නැවුම් මුහුණුවරකින් කතෝලිකත්වය ලොවපුරා පතල කිරීමට තරුණයන්ට මගපෙන්වීම වැඩසටහනේ අරමුණ වී තිබෙනවා.