පොහොට්ටුවේ පාලක ලේකම් CID අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යයන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රේණුක පෙරේරා මහතාගේ නිවසට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් විසින් ඔහුගෙන් නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.